/ Jun 24, 2025

CIDය දේශබන්දුගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් ප්‍රශ්න කරයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ඒ, හෝකන්දර පිහිටි නිවසේ දීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් එම ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවස වෙත ගියද එම අවස්ථවේ දී නිවසේ කිසිවෙකුත් සිට නොමැති බව සඳහන්ය.

මෙම තත්ත්වය තුළ දිගින් දිගටම නිවස පරීක්ෂා කළ නිලධාරීන් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී දේශබන්දුගේ පුත්‍රයා සහ බිරිඳ හමු වී ප්‍රශ්න කර තිබේ.

2023 වසරේ මාතර වැලිගම ඩබ්ලිව්. 15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ලබා දී තිබුණේ පසුගිය පෙබරවාරි 28 වැනිදායි.

නමුත් මේ දක්වා ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට අසමත් වූ අතර මෙම අත්අඩංගුවට ගැනීමේ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් නීතීඥයන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්ද ගොනු කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top