/ Apr 20, 2025

පාර්ලිමේන්තු කැන්ටිම තවමත් පාඩු පිට: මන්ත්‍රීවරු කෑම ගැනීම අඩු කරති!

Parliament's food is still at a loss

නව රජය පාර්ලිමේන්තු ආපනශාලාවේ ආහාරවල මිල ගණන් වැඩි කළද, එයින් ආවරණය වන්නේ ආහාර සඳහා යන අමුද්‍රව්‍යවල මිල පමණක් බව අනාවරණය වී තිබේ.

සේවා පිරිවැය ගණනය කළ පසුව තවමත් ආහාර ලබා දෙන්නේ පාඩුවක් සහිතව බවයි පැවසෙන්නේ.

සැලකිය යුතු ආහාර නාස්තියක් පාර්ලිමේන්තු ආපනශාලවේ කලක පටන් සිදුවන බැවින් එය අවම කරන ලෙස කතානායකවරයා උපදෙස් ලබා දී තිබේ.

ආහාර මිල වැඩි කිරීමත් සමඟ පාර්ලිමේන්තුවෙන් ආහාර ලබා ගන්නා මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි දැනගන්නට ඇත. කොළඹ පදිංචි මන්ත්‍රීවරුන් උදේට නිවසින් ආහාර ගෙන පැමිණ දහවල් ආහාරය සඳහා නිවස වෙත යන බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top