/ Jan 24, 2026

NPP මන්ත්‍රිනියගේ සැමියාට රැඳවුම් නියෝග!

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ප්‍රථමික විදුහලක විදුහල්පතිවරයා එළඹෙන 12 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබේ.

සැකකරු අද (06) දහවල් අනුරාධපුර පොලීසිය විසින් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු අතර ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට අවසර ලැබී ඇත.

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණි.

මීට සතියකට පමණ පෙර එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට පුද්ගලයෙකුගෙන් ලද ‍තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඒ අනුව ඔහු විසින් එප්පාවල, ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිටුපස වල දමා සඟවා තබන ලද හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 185ක තොගය පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන තිබෙන විදුහල්පතිවරයාගේ බිරිද, පෑලියගොඩ නගරසභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top