බිත්තර සහ කුකුළු මස් මිල සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු නිෂ්පාදන ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.
ඒ අනුව බිත්තර රුපියල් 25-28ත් අතර මිලකටත් ශිතකළ කුකුළුමස් සුපිරි වෙළඳසැල්වල රුපියල් 750ක මිලකටත් අලෙවි වන බවයි සඳහන් වන්නේ.
සම රහිත කුකුළු මස් රුපියල් 1100ත් 1000ත් අතර මුදලකට අළෙවි වන බව එම සංගමය කියා සිටියි.