පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ මේ වන විට 479ක් දක්වා වැඩි වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙයි.
අතුරුදහන් ගණන 350ක් ලෙස දැක්වෙන අතර බලපෑමට ලක්වූ පවුල් ගණන 455,405කි.
පුද්ගලයින් 1,614,790ක් බලපෑමට ලක්ව තිබෙන අතර නිවාස 1,289ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.
මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 1347ක් පවත්වාගෙන යනු ලබයි.





