ශ්රී ලංකාවේ ප්රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, නවීන සහ තිරසර පද්ධතියක් බවට පත් කිරීම සඳහා ෆින්ලන්තයේ නවීන තාක්ෂණය, විශේෂඥ දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ඒ, ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා සහ ෆින්ලන්තයේ ප්රවාහන හා සන්නිවේදන අමාත්ය ලුලු රන්නේ (Lulu Ranne) මහත්මිය අතර පසුගියදා (15) ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී පැවැති සුහද හමුවේදීය.
මෙහිදී ශ්රී ලංකාවේ සහ ෆින්ලන්තයේ ප්රවාහන හා යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්රයන්හි ඉදිරි ප්රමුඛතා මෙන්ම දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ හැකියාවන් පිළිබඳව අදහස් හුවමාරු කර ගෙන තිබේ.
විශේෂයෙන්ම ප්රවාහන ක්ෂේත්රයේ නවීන තාක්ෂණය, විශේෂඥ දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම තුළින් ශ්රී ලංකාවේ ප්රවාහන පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, එය වඩාත් නවීන හා තිරසර මට්ටමකට ගෙන ඒමටත් ඇති අවස්ථා පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇත.
දෙරට සතු විවිධ අත්දැකීම්, තාක්ෂණික හැකියාවන් සහ දැනුම හුවමාරු කර ගැනීම ශ්රී ලංකාවේ ප්රවාහන ක්ෂේත්රයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇතැයි මෙහිදී විශ්වාසය පළවී තිබේ.





