බටලන්ද වධකාගාරය පවත්වාගෙන යෑමට වගකිව යුතු බවට ඔප්පු වන හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඇතුළු අනෙක් පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අවශ්‍ය නම් ඒ සඳහා ජාත්‍යන්තර සහාය වුව ලබා ගන්නා බවත් අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
හිටපු ජනපතිවරයා තම ක්‍රියාවන්ට වගකිව යුතු බවත්,වරදකරුවන්ගේ ජීවිතවල අවසාන භාගය වුවත් නීත්‍යානුකූලව දඬුවම් ලබා දීම පිණිස කළ හැකි සෑම විමර්ශනයක්ම පවත්වන බවත් ඇමැතිවරයා අවධාරණය කළේ ය.