/ Nov 13, 2025

පාස්කු ප්‍රහාරය: මෛත්‍රීගේ පෙත්සම ගැන තීන්දුව කල් යයි!

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව සිරිල් ගාමිණී පියතුමා සහ එම ප්‍රහාරයෙන් වින්දිතයෙකු වූ පුද්ගලයෙකු විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන පුද්ගලික පැමිණිල්ල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර තිබුණු පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම පසුවට කල්තබා තිබේ.

පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය අද (27) පැවැත්වුණු අතර තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබීමට විනිසුරු මඩුල්ල තීරණ කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top