ඊයේ (13) පස්වරුවේ සිට බදුල්ල ඇල්ල රොක් (ella rock) වන රක්ෂිතයේ ඇති වූ හදිසි ගිනිගැනීම හේතුවෙන් අක්කර 50ක් පමණ විනාශ වී තිබේ.
පවතින දැඩි සුළං තත්ත්වය නිසා ගින්න තවදුරටත් පැතිරෙමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
වන රක්ෂිතය කිසිවකු හිතාමතා ගිනි තබන්නට ඇති බවත් පවතින වියළි කාළගුණය හේතුවෙන් ගින්න ඉක්මණින් පැතිරී ගොස් ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් ගින්න වේගයෙන් පැතිර යමින් පවතින අතර එම ස්ථානයන්ට ළඟා වීමට ද අපහසු බව සඳහන්.