ත්‍රිවිධ හමුදාව හැර ගිය සියලුම සෙබළුන් අත්අඩංගුවට ගන්නා ලෙසට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයකොන්ත නියෝග නිකුත් කර තිබේ.
ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ අපරාධ මැඩලීම සඳහා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.
රටේ පාතාල ක්‍රියාකාරකම් මැඩලීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම ප්‍රධාන අරමුණ බවද ඔහු සඳහන් කළේය.