දැනට පවතින තත්ත්වය අනුව දිනෙන් දින රට කඩ වැටෙමින් තිබෙන අතර රට භාර දිය යුත්තේ රටක් පිළිනොගත්තත් ලෝකයක් පිළිගන්නා බුද්ධිමත් කෙනෙකුට බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේය.
”මේකේ තියෙන්නේ පුළුවන් මිනිහෙක්ට ඕනේ රට භාරදෙන්න. එහෙම නැතුව ජනප්‍රිය, හිනාවෙන, අතපය වීසීකරන ජනප්‍රිය මිනිහෙක් නෙවෙයි බුද්ධිමත් කෙනෙකුට භර දෙන්න ඕනේ. රට පිළිගන්නේ නැති වුණත් ලෝකයක් පිළිගන්න හොඳ බුද්ධියක් තියෙන ආර්ථිකය හසුරුවන්න,රට ඉදිරියට ගෙනියන්න හොඳ බුද්ධියක් තියෙන කෙනෙකුට ඕනේ දෙන්න. නැතුව මේ රටට අනාගතයක් නෑ.”
හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් එළඹෙන 21 වැනිදා පැවැත්වීමට නියමිත විපක්ෂයේ මහජන රැළිය පිළිබඳවද අදහස් දක්වන ලදී.
ඒ සම්බන්ධයෙන් තමන්ගේ මතය එක්සත් ජාතික පක්ෂය වෙත ප්‍රකාශ කර තිබෙන බවත් මතුව තිබෙන කරුණු කිහිපයක් ගැන සාකච්ජා කළ යුතු බවත් ඔහු සඳහන් කරන ලදී.
කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය ඊට සහභාගී වීමට තීරණය කර ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මත ඔහු ඊට සහභාගී නොවන බවද හෙතෙම කියාසිටියේය.
”ඉදිරියටත් දුෂණ නැති රජයක් බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ආණ්ඩුවත් එක්ක කළකිරෙන මිනිස්සු,දැන් දැඩිව කලකිරිලා ගම්මට්ටමින්. හැම තැනකම ඉතාම නරක තත්ත්වයක් තියෙන්නේ. නමුත් එතන ඉන්න තරුණ පරම්පරාව බලනවා මේගොල්ලෝ හොඳ නැත්නම් කවුද හොඳ කියල. කවුරුහරි ඉල්ලන වෙලාවට අර පරණ තොලොංචි කරපු ඔක්කොමලත් එක්ක යන්න ගියොත් එතනත් ප්‍රශ්න ඇතිවෙනවා. ගේන කෙනාගේ දේශපාලන පාරිශුද්ධත්වය,කොයිතරම් මානව හිතවාදීයිද, බුද්ධිමත්ද කියල බලාගන්න වෙනවා. නැතුව මම හිතන්නේ නැහැ මිනිස්සු තව කෙනෙකුට දෙයි කියල.”
ඒ අනුව ජනතාවට පිළිගත හැකි ඒකාබද්ධ විපක්ෂයක් ගොඩනැගිය යුතු බව හිටපු අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.





