/ Mar 05, 2026

ට්‍රම්ප්ව පාලනය කරන්න ඇමරිකානු සෙනට් මණ්ඩලයටත් බැරි වෙයි!

ඉරානයට එරෙහිව ක්‍රියත්මක වූ ඊශ්‍රායල් – ඇමරිකානු ඒකාබද්ධ ප්‍රහාර පාලනය කර ගැනීමට එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයට ද හැකියාවක් ලැබී නැත.

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව යුද්ධයකට යාමට ඇමරිකානු ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොහැකි වුවද එම එකඟතාවන් නොසලකා ජනාධිපති ට්‍රම්ප් කටයුතු කර තිබුණි.

විධිමත් යුද්ධ ප්‍රකාශ කිරීමකින් තොරව හමුදා ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට ජනාධිපතිවරයාට පුළුල් බලයක් තිබුණද, සතුරුකම් ආරම්භ වී පැය 48ක් ඇතුළත කොංග්‍රසයට දැනුම් දිය යුතුය.

ඒ අනුව කොන්ග්‍රසය රැස්ව තිබුණු නමුත් ජනධිපතිවරයාගේ යුධ ක්‍රියාකලාපය පාලනය කිරීමට කොංග්‍රසයට හැකි වී නැති අතර කොංග්‍රසයේ මතයද ඛණ්ඩනය වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මෙහිදී කොංග්‍රසය 53 -47ක් ලෙස ට්‍රම්ප්ගේ මතය ජයගෙන තිබේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හේගන පවසා ඇත්තේ යුද්ධය සති 8ක පමණක කලයක් පවතිනු ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top