පසුගිය ජනවාරි 9 වැනි දා ප්‍රදර්ශනයට එක් වූ චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ “ෆාදර්” සිනමාපටය මේ වන විට අතිසාර්ථක අන්දමින් තිරගත වේ. එසේ ම රට පුරා “ෆාදර්” නැරඹීම පිණිස අතිවිශාල ප්‍රේක්ෂක ජනතාවක් සිනමාශාලා වෙත ඇදී එමින් සිටින බව සිනමා ශාලා ආරංචිමාර්ග සඳහන් කරයි.
‘දිට්වා’ ආපදාවෙන් පසු මෙරට විනෝද කර්මාන්තය පසුබෑමකට ලක් වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කළද තත්වය වෙනස් කරමින් “ෆාදර්” සිනමාපටය හවුස්ෆුල් ප්‍රදර්ශන ගණනාවක් වාර්තා කර තිබේ.
හැව්ලොක් ස්කෝප්, ඇමිටි ලයිට් මහරගම, විජය සිනමා මිනුවන්ගොඩ, රාම් සිනමා – වත්තල, පීවීආර් සිනමා – වන්ගෝල්ෆේස්, මැක්ස් ලයිට් – මොරටුව, ලිබර්ටි ස්කෝප් – කිරිබත්ගොඩ, රීගල් – ගම්පහ, එස්කේ සිනමා – කිරිඳිවැල, රීගල් – කටුබැද්ද ඇතුළු සිනමා ශාලා ගණනාවක් දර්ශන අවස්ථා බොහෝ ප්‍රමාණයක් හවුස්ෆුල් දර්ශන පැවැත්වූ බව වාර්තා වේ.

(හැව්ලොක් සිටි ස්කෝප් සිනමා)

(ඇමිටි ලයිට් – මහරගම)

(එන්.අයි.ටී. – රත්නපුර)
එසේම මොණරාගල, මාතර, රත්නපු, ඇඹිලිපිටිය, හෝමාගම, අවිස්සාවේල්ල ඇතුළු නගරවල සිනමාශාලා ගණනාවක විශාල ප්‍රේක්ෂක සහභාගිත්වයකින් දර්ශන වාර පැවැත්වේ.
මෙරට ප්‍රදර්ශනයට සමගාමීව ලෝකය පුරා රටවල් 25ක ප්‍රදර්ශනය ඇරඹූ “ෆාදර්” සිනමාපටය ලොව මෙරට සිනමා ප්‍රදර්ශනයන්හි වාර්තාද අලුත් කරමින් තිබේ. දකුණු කොරියාවේ දින තුනක් තුළ වේගවත්ම ප්‍රවේශපත්‍ර අලෙවිය වාර්තා කර තිබේ. එසේම ඉතා කෙටි කාලයක් තුළ ඕස්ට්‍රේලියාවේ ප්‍රවේශපත්‍ර 2000ක් අලෙවි වී ඇත. නවසීලන්තයේ ද පූර්ව වෙන්කිරීම් 500 ඉතා ඉක්මනින් වාර්තා කර ඇති බව දැනගන්නට ඇත.
ඒ අතර “ෆාදර්” සිනමාපටය සඳහා විචාරක අදහස් විවිධ අන්දමින් පළ වෙමින් තිබේ.
“ෆාදර්” මෙරට සිනමා වාර්තා අලුත් කරනු ඇති බවට ක්ෂේත්‍රයේ මත පළ වෙමින් ඇත.
1970 – 90 දසකයන්හි මෙරට සිදුවූ සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් ජනප්‍රිය දක්ෂ නළු නිළි පිරිසකගේ දායකත්වයෙන් චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ මෙය , එමිකා ප්‍රඩක්ෂන් වෙනුවෙන් ශාන්ත ගීතදේව නිෂ්පාදනයකි. කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්නගෙන් වන අතර සංගීතය චින්තක ජයකොඩිගෙනි. සංස්කරණය සිතුම් සමරජීව සිදුකර ඇත. ශබ්ද සංයෝජනය ප්‍රියන්ත කළුආරච්චි – වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාරගෙනි.






