ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරවා ඇති ආකාරය පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය “X” ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.
ශ්‍රී ලංකාවට පමණක් මෑත වසරවලදී USAID ආයතනයෙන් ඩොලර් මිලියන ගණනක මුදල් සහ ප්‍රදාන ලැබුණු බවත් ලොව පුරා ව්‍යාපෘති රැසකට අරමුදල් සැපයූ USAID ආයතනය බටහිර මාධ්‍ය සමඟ මතභේදාත්මක තත්ත්වයකට පැමිණ ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම මානුෂීය ආධාර මුවාවෙන් තම අරමුදල් වෙනත් රටවල ප්‍රශ්න සහගත සහ අස්ථාවරත්වය ඇති කිරීමට යොදා ගත් බවට චෝදනා එල්ල වී ඇති බවයි ඔහු පවසන්නේ.
එම නිසා අදාළ ප්‍රතිලාභ ලැබූ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.