/ Feb 08, 2025

ජල බිලේ සංශෝධනයක්

ජල ගාස්තුව 10% ත් 30% ත් අතර ප්‍රමාණයකින් අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.

විදුලි බිල අඩුවීමට සාපේක්ෂව මෙලෙස ජල ගාස්තු අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර ඒ සඳහා කමිටුවක් පත්කර ඇති බවයි පැවසෙන්නේ.

ජල බිල අඩුකිරීමේ කමිටුවේ වාර්තාව දින කිහිපයකින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වෙත භාරදීමට නියමිත බවත් ඉන් අනතුරුව අදාළ වාර්තාව විෂයභාර අමාත්‍යවරයා වෙත භාර දී අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top