/ Dec 06, 2025

ඔබ රත්නපුර – කළුතර මේ ප්‍රදේශවලද? එසේ නම් වහාම ක්‍රියාත්මක වෙන්න!

කළු ගඟ ආශ්‍රිතව රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා ගංවතුර රතු නිවේදන නිකුත් කර තිබේ. මේ වන විටත් නොනැවතී වැටෙන වර්ෂාව නිසා රත්නපුර නගරය වෙත ගංවතුර පැමිණ තිබේ.

රතු නිවේදන කලාප – රත්නපුර දිස්ත්‍රික්කය

පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත

රතු නිවේදන කලාප – කළුතර දිස්ත්‍රික්කය

කළුතර, ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාරින්ද නුවර, මදුරාවල, අගලවත්ත

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ මහා ගංවතුර තත්වයක් ඇති වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top