/ Feb 08, 2025

BREAKING: හිනිඳුම ත්‍රිත්ව ඝාතනයට හිටපු ඇමැති නිලධාරියෙක් අල්ලයි

ගාල්ල, හිනිඳුම ලැගුම්හලකදී සිදු කළ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැක පිට හිටපු ඇමැති සම්බන්ධීකරණ නිලධාරියෙකු අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට සැකකරුගෙන් ප්‍රශ්න කෙරෙන බවයි පොලිස් ආරංචිමාර්ග වාර්තා කරන්නේ.

මෙම වෙඩි තැබීම යතුරුපැදිකරවන් දෙදෙනකු විසින් ටී 56 අවියකින් කළ බව අනාවරණය වුණා. මේ අවස්ථාවේ ලැගුම්හලේ 5 දෙනෙකු සිට ඇති අතර වෙඩි තැබීම ආරම්භ වෙද්දී දෙදෙනෙකු පළා ගොස් දිවි ගලවාගෙන තිබුණි.

කෙසේ වෙතත්, මාධ්‍යවේදී පෝද්දල ජයන්ත විසින් පසුගිය දා හෙළිදරව් කර තිබුණේ හිටපු ඇමැති මනුෂ නානායක්කාරගේ සොයුරා සම්බන්ධ විදේශ රැකියා ජාවාරමේ කොණක් මෙම ඝාතන පිටුපස ඇති බවයි.

දැනට හෙළිව ඇත්තේ මියගිය තිදෙනාට කිසිදු පාතාල සම්බන්ධකමක් නොමැති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top