/ Oct 20, 2025

හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලට!

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ අටවැනි විධායක ජනපති රනිල් වික්‍රමසිංහ මේ වන විට බන්ධානාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

ඔහු මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත්තේ, අධිරුධිර පීඩනය සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

මෙරට ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top