ආණ්ඩුව විසින් යෝජනා කර ඇති හිමිකම් ඉවත් කිරීමේ පණත් කෙටුම්පතට එරෙහිව හිටපු ජනපතිවරුන් සහ ජනපතිවරිය එකට එක්ව නීතිමය පියවර ගැනීමට මූලික සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.
මෙහි නෛතික තත්වය සොයා බැලීමට නීතිඥයන් 50කින් යුත් මණ්ඩලයකගෙන් උපදෙස් ගනිමින් සිටින බව පැවසෙන අතර මෙහි මූලික සාකච්ඡාවක් පසුගිය සතියේ මල් පාරේ පිහිටි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයේදී පවත්වා ඇත. මෙහි ප්‍රධානත්වය ගෙන ඇත්තේ රනිල් සහ හිටපු ජනපති මෛත්‍රී දෙදෙනා ය.
එම සාකච්ඡාවට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග යන අයගේ නියෝජිතයන්ද සම්බන්ධ වී තිබේ.