/ Mar 12, 2025

ඉන්ධන බෙදුම්කරුවන් පරාජය බාර ගනිති: ජනතා ජයක්!

තමන්ට ලබා දෙන 3%ක වට්ටම් මුදල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගත් තීරණය හේතුවෙන් ඉන්ධන ඇනැවුම් නොකිරීමට ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබුණි. ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් කිහිපයක පෝලිම් නිර්මාණය වී තිබූ අතර, යම් නොසන්සුන්තාවක් රටේ හටගත්තේ ය. කෙසේ වෙතත් එම ක්‍රියාමාර්ගය නවතා දැමීමට මේ වන විට එම සංගමය තීරණය කර තිබේ. ඊයේ (03) ජනාධිපතිවරයා වෙත ලිපියක් බාර දුන් ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කියා සිටියේ මහජන පීඩාව වැලැක්වීමටත් නව රජයට සහයෝගය දීම සිදු කළ යුතු නිසාත් තම ක්‍රියාමාර්ගය වෙනස් කරගන්නා බවයි.

අධිකරණ තීන්දුවකින් පවා තහවුරු කර තිබූ මෙම 3%වට්ටම් ලබා නොදීමේ ක්‍රියාමාර්ගය ඉදිරියේ බෙදාහරින්නන්ගේ සංගමයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සැලකිය යුතු මහජන විරෝධයක්ද ගොඩ නැගුණි. අසාධාරණ ලෙස මෙලෙස වට්ටමක් ලබා ගැනීමට එරෙහිව විවිධ පාර්ශ්වයන් සිය විරෝධය පළ කළහ.

ඒ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචිමාර්ග පවසන්නේ 3% වට්ටම අඩු කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොකරන බවයි. අද (04) පැවැත්වීමට නියමිත මාධ්‍ය සාකච්ඡාවේදීද ඒ් බව ප්‍රකාශ කෙරෙනු ඇති. බලශක්ති ඇමැතිවරයාගේ සේම ජනපතිවරයාගේද ස්ථිර තීරණය එය බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top