පවතින ආපදා තත්ත්වය හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක දැනට ජීවතුන් ආතර් සිටින හිටපු ජනාධිපතිවරුන්ගෙන් උපදෙස් ගැනීමට නිහතමානී විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
ඔවුන් සියලු දෙනාම දැවැන්ත ආපදාවලට මුහුණ දුන් බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
”දැනට ජීවතුන් අතර සිටින සෑම හිටපු ජනාධිපතිවරයෙක්ම දැවැන්ත ආපදාවකදී රටේ නායකත්වයේ ඉඳල තිබෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සුනාමියට මුහුණ දුන්නා. මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධයක් මැද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වීමේදී ඒ අයට සහන සැලසුවා ලෝකයේ චෝදනාවට ලක්නොවී. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පාස්කු ප්‍රහාරය අවස්ථාවේ රටේ නායකත්වයේ හිටියා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොවිඩ් කළමනාකරණය කළ ආකාරය ලෝක ප්‍රජාවේ ප්‍රශංසාවට ලක්වුණා. ඒවගේම ලෝක අවධානය දිනාගන්නා අයුරින් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමත් වුණා. මේ අයගේ අත්දැකීම්, මේ අයගේ ජාත්‍යන්තර සබඳතා මේ අවස්ථාවේ ප්‍රයෝජනය ගැනීමට ජනාධිපතිතුමා නිහතමානී විය යුතුයි කියලයි අපි විශ්වාස කරන්නේ.” යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි.
උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.





