වෙන්නප්පුව පොලිස් වසමේ, වයික්කාල පාසල ආසන්නයේ නිවසක දී තියුණු ආයුධයකින් පහර දී තරුණියක ඝාතනය කර තිබේ.
සිය පෙම්වතිය ඝාතනය කළ බව කියමින් සැකකරුවකු වෙන්නප්පුව පොලීසියට පැමිණ බාර වීමෙන් පසුව සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මාරවිල – වීරහේන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (18) සවස 5.30 – 6.00 අතර මෙම ඝාතනය සිදුව ඇති අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ විමල්කා තුෂාරි නැමැති වයස අවුරුදු 19ක තරුණියකි.
ඝාතනයට ලක් වූ තරුණිය වසර 1 ½ ක පමණ කාලයක් අත්අඩංගුවට ලක් වූ අදාළ සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම ප්‍රේම සම්බන්ධතාවය නවත්වා දමමු යැයි පෙම්වතිය විසින් පෙම්වතාට යෝජනා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පෙම්වතියගේ නිවසේ දී ඇති වූ බහින් බස්වීමකින් දුරදිග යෑම හේතුවෙන් පෙම්වතා විසින් මෙම අදාළ තරුණියට පිහියකින් ඇණ ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
වෙන්නප්පුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.