/ Aug 24, 2026

ඉරානයට එරෙහි වොෂින්ටනයේ සම්බාධකවලට ගෝලීය විරෝධයක්? චීනය සහ රුසියාව ඇමරිකාවට හරස්වෙයි!

චීනය සහ රුසියාව ඉරානයට එරෙහි නව එක්සත් ජනපද සම්බාධකවලට සහභාගී නොවන බවට ආර්ථික විශේලේෂකයින් පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥ පර්යේෂකයෙකු වන මොහ්සෙන් ෆර්කානි පවසන පරිදි, ඉරානයට එරෙහිව මිත්‍ර පාක්ෂිකයින් බඳවා ගැනීමේ වොෂින්ටනයේ උත්සාහය, වඩාත්ම වැදගත් රාජ්‍යයන් අතර ආකර්ෂණය ලබා ගැනීමට අරගල කිරීමක් සිදුවෙයි.

එහෙත් “චීනය සහ රුසියාව එක්සත් ජනපදය සමඟ දැනටමත් නොසන්සුන් සම්බන්ධතාවයක් ඇති බැවින්, මෙම සම්බාධකවලට සහභාගී නොවනු ඇත,” යනුවෙන් දක්වා තිබේ. “චීනයට අපනයනය කරන ලද තෙල් විශාල ප්‍රමාණයක් නිසා ඉරානය චීනයට වැදගත් ආර්ථික හවුල්කරුවෙකි.” යනුවෙන් ඔහු තවදුරටත් දක්වයි.

සම්බාධක පීඩනය නොතකා ටෙහෙරානය ගෝලීය වෙළඳ මාර්ග කෙරෙහි සැලකිය යුතු ශක්තියක් යොදනු ඇති බවයි ෆර්කානි පවසන්නේ.

වොෂින්ටනය විසින් ගල්ෆ් කලාපයේ ඇති කර තිබෙන නොසන්සුන්තාව හමුවේ බොහෝ රටවල් වලට ඇමරිකාව සම්බන්ධයෙන් වන විශ්වසයේද බරපතල පිරිහීමක් දක්නට ලැබෙයි.

මෙහිදී ඇමරිකාවට එරෙහිව ප්‍රතිපත්තිමය තීරණයන්හි පසුවෙන චීනයේ සහ රුසියාවේ හැසිරීම වැදගත් බවයි ෆර්කානි පවසන්නේ.

එහෙයින් විශ්වාසය බිඳ වැටීම, සම්බාධක ව්‍යාපාරයට සෘජුවම බාධාවක් වනු ඇති හෙයින් “මෙම සම්බාධක පැනවීම ප්‍රයෝජනවත් නොවනු ඇති බවත් එම රටවල් එක්සත් ජනපදයට එක් නොවනු ඇත; එබැවින්, සම්බාධක ඒකපාර්ශ්විකව පවතිනු ඇත.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top