බන්ධනාගාරගතව මාස 09 සිර දඬුවම් විඳිමින් සිටි බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (25) ඇප මත නිදහස් කර තිබේ.
ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ චෝදනාව මත ඥනසාර හිමි මාස 9ක ලිහිල් සිරදඬුවමකට යටත් කෙරුණි.
ඉස්ලාමය පිළිකාවක් – එය අතුගා දමන්න ඕනෑ.. යනුවෙන් කළ ප්‍රකාශයකට ඒ හිමි වරදකරු විය.
දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් ඒ හිමි ඇප ඉල්ලා ඇති අතර එකී පෙත්සම විභාග කිරීමෙන් පසු අධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.