![](https://lankatimes.lk/wp-content/uploads/2025/01/government-office-1-1024x576.webp)
රාජ්‍ය සේවය තුළ ඇති අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000ක ප්‍රමාණය කඩිනමින් පිරවීමට රජය තීරණය කර තිබේ.
එමෙන් ම, රාජ්‍ය සේවකයන් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩි වීමක් මෙන්ම විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අදාළ යෝජනා ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙවර අය-වැයට ඉදිරිපත් කිරීමටද රජය තීන්දුවක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අදාළ මුදල් වෙන් කිරීම සඳහා මෙවර අය-වැයට යෝජනා ඉදිරිපත් කිරීම ඒ අනුව සිදු වනු ඇති.
ලබන ජුනි මාසය වන විට රාජ්‍ය සේවයේ නිවැරැදි දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා ජනපති උපදෙස් මත අදාළ බලධාරීන් කටයුතු කරමින් සිටින අතර රාජ්‍ය සේවය සතු දැනට තිබෙන දත්ත ප්‍රමාණයේ විශාල වියවුලක් පවතින බැවින් ඒවා මත පදනම්ව නිවැරැදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති අර්බුදයක් මතුව තිබේ.
තව ද, තාක්ෂණික ක්‍රමවේද හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ ප්‍රමාද විය හැකි පුරප්පාඩු සම්බන්ධවද රජය තීරණයක් ගෙන ඇති සේම ඒකාබද්ධ රාජ්‍ය සේවයක් මගින් මානව සම්පත කළමනාකරණය කිරීම පිළිබඳවද ඒ අනුව අවධානය යොමු කර ඇති බව සඳහන්.
දැනට පවතින රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව තෘප්තිමත්භාවයක් නොමැති බැවින් රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යක්ෂම සේවයක් ලබා දීමට රජය අපේක්ෂා කරයි.