2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද වැටුප් ඉහළ නැංවීමට සම්බන්ධයෙන් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව පහත පරිදි ජාතික අවම මාසික චේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත් ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් කම්කරු අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
- 2025.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500 සිට රුපියල් 27,000 දක්වා රුපියල් 9,500කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීම.
*2025.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 සිට රුපියල් 1,080 දක්වා රුපියල් 380කින් ඉහළ නැංවීම.
*2026.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා රුපියල් 3,000කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීම.
*2026.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා රුපියල් 120කින් ඉහළ නැංවීම.