දැනට රට තුළ පවතින වාහන ආනයන තහනම පෙබරවාරි පළමුවෙනිදා සිට ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
රජය සතු වාහන වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී ජනපතිවරයා ඊයේ (19) මේ බව සඳහන් කළේය.
තවද ආනයනය විවෘත කළ පසු මුල් කාලයේ වාහන මිල ගණන් වෙනස් වනු ඇති බවද ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත් මිල ස්ථාවරයකට පත් වූ පසු රජයේ පවතින සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන බවත් එය රජයේ වියදම් විධිමත් කිරීම වෙනුවෙන් ගන්නා එක් පියවරක් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.