ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ආරම්භ වු සටන් විරාම ගිවිසුම යටතේ පලස්තීන සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (19) දිනයේ ආරම්භ වු සටන් විරාම කාලය යටතේ පළමු අදියරේ කොටසක් ලෙස මෙම පලස්තීන සිරකරුවන් නිදහස් කර ඇති බවයි පැවසෙන්නේ.
අදාළ සිරකරුවන් අතර කාන්තාවන් 69 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 21 ක් දෙනෙකු ඇතුලත් බවද සඳහන්.
මේ අතර හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ද නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.