/ Feb 07, 2026

9 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම මෙන්න!

පුළුල් පරාසයක විහිදුණු කුළුණු 5ක් ඔස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් ඉදිරි වසර 3 තුළ දී අනෙක් ශ්‍රේණිවලද ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිත බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙම වසරේ දී පළවෙනි සහ 6 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන අතර ලබන වසරේ 2 ශ්‍රේණියේ සහ 7 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

2028 වසරේ 3 සහ 8 ශ්‍රේණි සඳහා මෙන්ම 2029 වසරේ 4වන සහ 9වන ශ්‍රේණි සඳහා ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ 9 වන ශ්‍රේණිය තෙක්ම සමස්ථ විෂය මාලාවන් ප්‍රතිසංස්කරණය සිදු වන බවත් මෙම ප්‍රතිසංස්කරණවලට අදාළව විෂය මාලාවන් සංවර්ධනය සඳහා අධ්‍යාපන විශේෂඥයින් සම්බන්ධ වී ඇති බවත් පළමු වසරේ ප්‍රතිසංස්කරණ මේ වන විට ආරම්භ වී ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

කෙසේවෙතත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ප්‍රතිසංස්කරණවලට අදාළව 6 වන ශ්‍රේණියේ විෂයමාලා වෙනස්කම් පමණක් ලබන වසර තෙක් කල් දැමීමට කටයුතු කළ බවයි.

එමෙන්ම මෙම ප්‍රතිසංස්කරණවල පරමාර්ථය වන්නේ 21වන සියවසේ අභියෝගවලට මුහුණ දිය හැකි පුරවැසියෙක් නිර්මාණය කිරීම වන බවද අමත්‍යවරයා සඳහන් කරන ලදී.

අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top