/ Apr 20, 2025

බය වෙන්න එපා! රජයෙන් යළි සහතිකයක්

දිවයින පුරා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.

ජනතාවගේ ආරක්ෂාව සහතික කර ඇති බවත් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

“අපි මුළු ලංකාවේම මහජන ආරක්ෂාව සහතික කරලා තියෙනවා. පාතාල කල්ලිවල ඝට්ටනයක් යන්නේ. නමුත් එකෙන් ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නෑ. අපේ මහජන ආරක්ෂක අමාත්‍යංශය ඒ ගැන විශේෂ වැඩ කරගෙන යනවා.” යනුවෙන් ද නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top