සමගි ජන බලවේගය නියෝජනය කරන කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක ලෙස ආචාර්ය, වෛද්‍ය රුවේස් හනීෆා පත්කර තිබේ.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන සැමගේ බලාපොරොත්තුව සුපිරි දියුණු නගරයක් නිර්මාණය කිරීම බවත් ඒ සඳහා රුවේස් හනීෆා මහතාව ඉදිරිපත් කළ බවත් එම පක්ෂය පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, හනීෆා මහතා පොදුජනවාදී වෘත්තිකයකු බවත්, දක්ෂතාව නිපුණතාව හැකියාව කුසලතාව එඩිතරභාවය අධිෂ්ඨානශීලීත්වය ආදී සියලු ගුණාංගයන්ගෙන් සපිරි උගතෙක් බවයි.