/ Aug 12, 2025

මින්නේරියේ බිහිසුණු අනතුරක්: 26 රෝහලේ!

කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇත.

අද (12) අලුයම 3ට පමණ මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් පොළොන්නරුව, මින්නේරිය සහ හිගුරක්ගොඩ යන රෝහල් වෙත ඇතුලත් කර ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වෙයි.

මින්නේරිය පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top