පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කෙරුණි.
සිය සංගම් 05න් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පැවසුවේ.
එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාව සැලකිල්ලට ගනිමින් වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි.
එහෙත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු සඳහන් කළේය.
සම සෞඛ්‍ය ගැටලුව, උසස්වීම් ප්‍රමාදය, වැටුප් විෂමතා ඇතුළු කරුණු 5ක් මුල්කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පෙරේදා (05) උදෑසන 8ට එක්දින වැඩවර්ජනයක් දියත් කර තිබුණි.
අදාළ ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් නොවන බව පවසමින් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වර්ජකයින් තීරණය කළේය.