/ Oct 19, 2025

අධික වේගය සැබැවින්ම මරු කැඳවූ හැටි!

හොරොව්පතාන කපුගොල්ලෑව මාර්ගයේ කටුවරගොල්ලෑව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුමුවට පත්ව තිබේ.

අනුරාධපුර කපුගොල්ලෑව සිට හොරොව්පතාන දෙසට අධික වේගයෙන් ධාවනය කළ ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින්  ධාවනය වු බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරෙන් මියගොස් ඇත්තේ හොරොව්පොතාන, කටුවරගොල්ලෑව සහ නෙළුගොල්ලෑව ප්‍රදේශවල පදිංචිව සිටි 20 හැවිරිදි සහ 21 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top