නව විගණකධිපතිවරිය ලෙස සමුදිකා ජයරත්න මහත්මිය ඊයේ (05)සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ඇය පිළිගැනීම වෙනුවෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේදී උත්සවයක් සංවිධානය කර තිබුණි.
ඊට හිටපු විගණකධිපතිවරුන් මෙන්ම එම ආයතනයේ වෘත්තීය සමිති ඇතුළු නිලධාරීන්, සේවකයින් සම්බන්ධ වී සිටි අතර හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ විසින් උත්සව සභාව අමතමින් විගණන දෙපාර්තමේන්තුව වෙලා සිටින අශුද්ධ සන්ධානයක් පිළිබඳ අනාවරණය කළේය.
විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙලා සිටින අඳුරු හස්තයන් පිළිබඳ එහිදී බොහෝ කරුණු හෙළි වුණි.
ඒ අනුව නව විගණකාධිපතිවරියට දෙපාර්තමේන්තුව යළි ගොඩනැගීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් පවතින බවයි හිටපු විගණකාධිපතිවරයා සඳහන් කළේ.
එහිදී අදහස් දැක්වූ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ,
”අපි ජීවිත කැප කිරීමෙන්, කාලය කැප කරලා ගොඩනගාපු ඒ ගෞරවනීය දෙපාර්තමේන්තුවේ කිර්තිය විශාල වශයෙන් කෙලසීමට සඳහා මේ ආයතනයෙන්ම ගොඩනැගුණු ඒ අශුද්ධ සන්ධානය විසින් කරපු ඒ හානිය ආපහු රිකවර් කරන්න එච්චර ලේසි වෙයි කියල හිතන්නේ නෑ. අනුන්න්ගේ කුණු හොයන්නේ අපි රාජකාරි මට්ටමින් විතරයි කියන තත්ත්වය අපි ගොඩනගල තියෙද්දී ඒක සම්පූර්ණයෙන්ම විනාශ කරලා තමන්ගේ ආයතනයේ නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොණු පවා මාධ්‍යයට නිකුත් කරලා විගණකාධිපතිතුමියගේ විතරක් නෙවෙයි විගණන කාර්යාලයේ, ව්‍යවස්ථාදායක සභාවේ ඒ එකක්ම මහනායක හාමුදුරුවන්ගේ පවා අසූචි තවරුවා. ඒ වගේම ස්වාධීන මාධ්‍යවේදීන් විශාල ගාණකට බොරු කියල ඔවුන් නන්නත්තාර කළා. ජනාධිපතිතුමා ඒ එක්කම මේ තනතුරට ඉල්ලුම් කරපු අනික් වටිනා නිලධාරීන්ගේ ඇගේ මඩ ගෑවා. මේ ආණ්ඩුවේ මඩ ගෑවා. පාර්ලිමේන්තුවේ මඩ ගෑවා. මේ අපවාදයෙන් මේ දෙපාර්තමේන්තුව කෙසේ ගොඩගන්නද කියන කාරණයෙන් අපි හරියට දුක් වුණා. මේ දේශසීමාව මට අවුරුදු 7ක් තහනම් කලාපයක් වුවත් අපි එළියේ ඉඳන් අපිට කරන්න පුළුවන් හැමදේම දෙපාර්තමේන්තුව වෙනුවෙන් අපි කළා. එහෙම කරන අතරතුර තමයි මේ වගේ අශුද්ධ සන්ධානය මේ කාර්ය කළේ . මම ඉන්න කාලෙත් ඒ අශුද්ධ සන්ධානය ඒ විදිහටම තිබුණා. හැබැයි මම ඒක අවබෝධ කරගත්ත නිසා ඒ විසකුරු සර්පයින්ගේ දළ ගලවල තමයි මම මගේ කාලේ වැඩ කළේ. අවාසනාවකට වගේ පසුගිය වසර හත තුළ ඒ විසකුරු සර්පයින්ට නැවත කිරිපොවල ඔවුන්ව හොඳට වර්ධනය කරලා මරුමස්ථාන වල අද නතර කරලයි තියෙන්නේ. එම නිසා මම විශ්වාස කරනවා ඔබතුමියට අලුත් තනතුරේ වැඩකටයුතු කිරීමේදී ඉතාම වැදගත් කාර්ය භාරයක් ඇත්ත වශයෙන්ම තියෙනවා නැවත මේ දෙපාර්තමේන්තුව නිසි තැනට අරගෙන එන්න පළමුවෙන්ම කරන්න සිද්ධ වෙනවා.”
ඒ අනුව විගණකාධිපති තනතුරේ රාජකාරී කිරීමේදී සෘජු තීරණ ගැනීමට සිදුවන අතර ඉතා බලගතු තනතුරක් බවයි ඔහු සඳහන් කළේ.
දෙපාර්තමේන්තුව තුළ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම මෙන්ම විගණන පනතට සංශෝධන කිහිපයක් අවශ්‍යව පවතින බවත් ඒ පිළිබඳවද අවධානය යොමුකරන ලෙසයි එහිදී විජේසිංහ මහතා සඳහන් කළේ.
එමෙන්ම තමන්ගේ උවමනාවන් වෙනුවෙන් අශුද්ධ සන්ධාන හදාගෙන විගණනය පිළිබද, ඒ තනතුරු පිළිබද විවේචන එල්ල කරමින් දෙපාර්තමේන්තුව තුළ සිටින අශුද්ධ සර්පයන්ගෙන් ප්‍රවේසම් වෙන ලෙසත් සෙසු දෙපාර්තමේන්තු සේවකයින් ලෙස නව විගණකාධිපතිතුමිය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යන ලෙසත් එහිදී හිටපු විගණකාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.
නව විගණකධිපතිවරිය ලෙස සමුදිකා ජයරත්න මහත්මිය සිය ධූරයේ වැඩ භාරගැනීම ඊයේ (05) විගණකාධිපති දෙපාර්තමේන්තුවේදී සිදු වූ අතර ඇයව පිළිගැනීම වෙනුවෙන් එහිදී උත්සවයක් සංවිධානය කර තිබුණි.
හිටපු විගණකාධිපති විශ්‍රාම යාමෙන් පසු මාස 08කට වැඩි කාලයක් පුරා එම තනතුරට සුදුසු නිලධාරියෙක් පත් කිරීමට නොහැකි වී තිබුණ අතර ජනාධිපතිවරයා අවස්ථා කිහිපකදීම නම් යෝජනා කළද ව්‍යවස්ථාදායක සභාව විසින් ඊට අනුමැතිය හිමි නොවුණි.
කෙසේවෙතත් අවසන්වරට යොමුකරන ලද සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමැත කරන ලද අතර ඇයගේ නම් මීට ඉහතදී ද ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කර තිබුණි.
කෙසේවෙතත් මෙම තනතුර පුරප්පාඩුව පැවතීම සම්බන්ධයෙන් ආන්දෝලනයක් පැවති අතර ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන නම් සම්බන්ධයෙන් දේශපාලන මෙන්ම ඊට බාහිර පාර්ශව විසින් විවේචන එල්ලකරමින් පැවතුණි.
එවැනි පසුබිමක් මත සමුදිකා ජයරත්න නව විගණකාධිපති ලෙස පත්වීමෙන් අනතරුව ඊයේ දින කථානායකවරයා හමුවේ සිය රහස්‍යභාවය පිළිබඳ දිවුරුම්ද ලබා දී රාජකාරී භාරගැනීම සිදුවිය.
එම වැඩභාර ගැනීමේ උත්සව සභාව වෙත හිටපු විගණකධිපතිවරුන් මෙන්ම එම ආයතනයේ වෘත්තීය සමිති ඇතුළු නිලධාරීන්, සේවකයින් සම්බන්ධ වී සිටි අතර හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ විසින් උත්සව සභාව අමතමින් විගණන දෙපාර්තමේන්තුව වෙලා සිටින අශුද්ධ සන්ධානයක් පිළිබඳ අනාවරණය කරන ලදී.