තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන බවත් එය තමන්ගේ අයිතියක් මෙන්ම දේශපාලනයේ ස්වභාවය බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පැවසුවේය.
“මෙහෙමයි, අපි දේශපාලනය කරන්නෙ. දේශපාලනය කියන්නෙ සටනක්, අරගලයක්. දැන් ඔය ඇමරිකාව කියන්නෙ එක එක ඒවා. ඇමරිකාව කියන්නෙ ඉරානයට ගහනවා කියලා, ඉරානය කියන්නෙ ගැහුවොත් ගහනවා කියලා. ඒ වගේ කියනවා නේද ? ඒ වගේ තමයි අපිත්. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඉතින් නිරපරාදේ මතවාදීව පහරදෙනවා නම්, අපිත් ඒකට ප්‍රතිඋත්තර බඳිනවා. ඒක අපේ අයිතියක්. ඒක දේශපාලනයේ අනිවාර්යය දෙයක්. දේශපාලනයක් යන්නෙ නෑ එහෙම නැතිව. ඉතින් ඒ නිසා අපිට පහරදෙනවා නම් අපි පහරදෙන්න ඕනෙ. ඒක දේශපාලනයේ ස්වභාවයක්. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා” යනුවෙන් අමාත්‍යවරයා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.





