/ Mar 23, 2026

ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. දුරකථන අංකය මෙන්න!

මහජනතාවට සිය ගැටළු ඉදිරිපත් කිරීමට හා තමන්ව හමුවීම සඳහා වේලාව වෙන්කර ගැනීම වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග, මහවැලි අමාත්‍යවරයා ලෙස කේ.ඩී. ලාල් කාන්ත විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

අමාත්‍යාංශ විෂය පථය ඇතුළු තමන්ගෙන් විමසීම සඳහා වන ගැටළු ඉදිරිපත් කිරීමට මෙන්ම යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා සිය දුරකථන අංකය මහජනතාව වෙත ලබා දීමට අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

ඒ අනුව 071 2473104 යන දුරකථන අංකයට වට්ස්ඇප් හඬ පණිවිඩයක් ලෙස කෙටියෙන් තමන්ගේ අවශ්‍යතාව ගැන දැනුවත් කරන ලෙසයි අමාත්‍යවරයා දැනුම් දෙන්නේ.

සඳුදා මහජන දිනයක් වුවත් තමන් හමුවීමට අවශ්‍ය නම් සම්බන්ධීකරණ ලේකම් හරහා කලින් වේලාව වෙන්කර ගැනීමක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන්
සම්බන්ධීකරණ ලේකම් ගාමීණී සේනාරත්න-071 8103579 / මහජන සම්බන්ධතා නිළධාරී – රනිල් විමලරත්න – 075 8040110 යන දුරකථන අංක ද මහජනතාව වෙනුවෙන් විවෘත කර තිබේ.

කොළඹ අමාත්‍යාංශයට පැමිණීමේ අපහසුතාවයක් ඇත්නම්, මහනුවර මහජන දිනයට ද සහභාගී විය හැකි අතර මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් කපිල – 071 4464857 යන දුරකථන අංකයද මහජනතාව වෙත ලබා දී ඇත.

මහජනතාවගේ ඕනෑම ගැටළුවකට සිය කාර්යමණ්ඩලය මෙන්ම සම්බන්ධීකරණ ලේකම්වරුන් ඉතාම ඕනෑකමින් මැදිහත් වනු ඇති අතර පරිපාලන ක්‍රමවේදයකට අනුව ජනතා නියෝජිතයින් ලෙස කටයුතු කරන අතර, අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ ගැටළු කඩිනමින් නිරාකරණය කිරීමට මැදිහත් වන අතර පුරවැසියන් ලෙස මහජනතාවගේ සහයද බලාපොරොත්තු වෙන බව අමාත්‍යවරයා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top