/ Mar 13, 2025

සංජීව ඝාතනයට පොලිස්පතිත් උදව් කළාද? : උදය ගම්මන්පිළ

igp helps in Sanjeewa's death

ගනේමුල්ලේ සංජීව ඝාතන තැතක් ඇති බවට තොරතුරු ලැබුණාට පසුවත් ඒ පිළිබඳ කිසිදු පියවරක් නොගෙන ඔහුව ඝාතනය කිරීමට ඉඩදීම තුළින් පොලිස්පතිවරයාත් ඊට සම්බන්ධ දැයි සැකයක් පැන නඟින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ පැවසීය.

අද (24) පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

ගනේමුල්ල සංජීව ඝාතනය වීමට සතියකට පෙර ගම්පහ අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදීද මරණ තර්ජන තිබූ බැවින් ස්කයිප් ඔස්සේ අධිකරණ කටයුතු කිරීමට අවස්ථාව සලස්වා පසුව ඝාතනය වූ දිනයේ කොළඹ අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට ඉඩ ඇර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

“එහෙමනම් පොලිස්පතිවරයට ගම්පහ උසාවියේ උත්සහය ව්‍යර්ථ වුණාම කොළඹදී ඒ උත්සහය දරාවි කියන එක සිතා ගන්න බැරි වෙන්න විදිහක් නෑ. මොකද ඒ වෑයම සූදානම් කළ අය අත් අඩංගුවට ගන්නා තුරුම ඒ අවධානම ඒ විදිහටම තිබෙනවා. එම නිසා ගනේමුල්ලේ සංජීව ඝාතනයට වැඩ බලන පොලිස්පතිවරයා සම්බන්ධයි කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා. දැන් කවුද පොලිස්පතිවරයා ගැන විමර්ශනය කරන්නේ. ” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top