/ Jul 17, 2026

එරංග සහ මනුවර්ණ ඇතුළු හයකට වරෙන්තු!

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා අද (17) නියෝග කළේය.

ඒ, අධිකරණ නියෝග කඩ කරමින් අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් උද්ඝෝෂණ සිදු කළ බවට අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ඇප ලබා සිටින මොවුන් විවෘත අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

ඇපකරුවන්ට නොතිසි නිකුත් කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන දෙසැම්බර් මස හතර වෙනිදා දක්වා මෙම නඩුව කල් තබන ලෙස නියෝග කළේය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, රුහුණු විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා, ජෙහාන් අප්පුහාමි මෙන්ම රත්කරව්වේ ජිනරතන හිමියන් ඇතුළු13 දෙනෙකු අධිකරණයේ පෙනී සිටියේය.

කොටුව පොලිසිය විසින් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබූ අතර වසන්ත මුදලිගේ සහ වේරංග පුෂ්පිකද සිල්වා, රොෂාන් අලි දානිස් අලි, අමල් සාලින්ද නොහොත් ආමි අමිල, ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ මෙන්ම රත්කරව්වේ ජිනරතන, කොස්වත්තේ මහානාම හිමිවරුන් ඇතුළු සැකකරුවන් 15 දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත.

අධිකරණ නියෝග කඩකරමින්, උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරයපෑම යන චෝදනා සැකකරුවන්ට එරෙහිව ගොනු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top