විශේෂ මාධ්‍ය හමුවකට එක් වූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඊයේ (22) මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළේ ය.
මෙරට අපරාධ කල්ලි 58ක් සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් 1400ක් පමණ හඳුනාගෙන ඇති බව ඔහු කියා සිටියේ ය. අපරාධ මැඬලීමට සහය දීම පිණිස 1997 නමින් දුරකතන අංකයක්ද මහජනතාවට හඳුන්වා දෙනු ලැබීය.
මෙම වසරේ මේ දක්වා වෙඩි තැබීම් 17ක් කපා කොටා ඝාතනය කිරීම් 5ක් සිදුව ඇති බව මෙහිදී පැවසිණ.
අනවසර ගිනි අවි සම්බන්ධ තොරතුරු වෙනුවෙන් මුදල් ත්‍යාග ලබා දෙන බව කී වැඩබලන පොලිස්පතිවරයා, මෙම රජය පත් වූ පසු කරන ලද විමර්ශනවලින් සොයාගත් ගිනි අවි ගැන අනාවරණයක් කළේ ය.
එලෙස සොයාගත් ගිනි අවි ලෙස,
• T-56 පහර රයිෆල් – 13
• රිවෝල්වර් – 15
• පිස්තෝල – 21
• බෝර්-12 ගිනි අවි – 75
• රිපීටර් – 07
• දේශීයව නිපදවන ලද පොඩි පිස්තෝල – 805
• වෙනත් ගිනි අවි – 04