සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ලේ සංජීවට අලුත් කඩේ උසාවි සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කළ පසු ඔහුගේ බාහිර තුවාළ හෝ රුධිරය දක්නට නොතැබීම කතාබහට ලක් වූ කරුණක් විය.
කෙසේ වෙතත් ඔහුගේ මරණයට අදාළව කරන ලද අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව නිකුත්වී ඇති අතර මරණයට හේතුව ලෙස වෙඩි උණ්ඩ තුනක් හේතුවෙන් සිදු වූ අභ්‍යන්තර රුධිරය වහනය ලෙස එහි දැක්වේ.
වෙඩි තැබීම් ඉතා සමීපව සිදුව ඇති බව ද එහි සඳහන් වේ. ආසන්නයේ සිට කරන ලද වෙඩි තැබීම් නිසා බාහිර තුවාළවලට වඩා අභ්‍යන්තර හානි සිදුව ඇති බවයි පැවසෙන්නේ.
සංජීවගේ වියපත් මව සහ සහෝදරිය දේහය හඳුනාගැනීමට පැමිණ නොසිටි අතර, බිරිඳ එම අවස්ථාවට හෝ අවසන් කටයුතු වෙතද සහභාගි නොවීය. එසේම සංජීවගේ දියණියද සිය පියාගේ මළගම වෙනුවෙන් සහභාගි වූයේ නැත.