/ Mar 12, 2025

කොළඹ උද්ධමනය තවත් පහළට!

colombo inflation

2025 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය තව දුරටත් පහළ ගොස් ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයක දක්වා ති‌බේ.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 පෙබරවාරි මාසය සඳහා -4.2% ක් දක්වා අඩු වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

2025 පෙබරවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -0.2% දක්වා වැඩි වී ඇති අතර 2025 ජනවාරි මාසයේ දී එය වාර්තා වූයේ -2.6% ක් ලෙසයි.

තවද 2025 පෙබරවාරි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -6.1% ක් දක්වා අඩු වී ඇති අතර එය 2025 ජනවාරි මාසයේ දී -4.7% ක් ලෙස වාර්තා වේ.

කෙසේ වෙතත් එය 2025 ජනවාරි මාසය සඳහා -4.0% ක් ලෙස වාර්තා වී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top