/ Mar 13, 2025

උද්ධමනයත් තවත් පල්ලම් බහී

colombo inflation

2025 ජනවාරි මාසයේ මෙරට උද්ධමනය -4.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක දැක්වේ.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2024 දෙසැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ -2.0% ක් ලෙසින්ය.

2025 ජනවාරි මාසයේ දී ආහාර උද්ධමනය -1.0% සිට -2.5% දක්වා පහළ ගොස් තිබෙන අතර ආහාර නොවන උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ -2.9% සිට -5.2% ක් දක්වා කැපීපනෙන ලෙස පහළ ගොස් ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top