/ Jun 24, 2025

ඉරාකයේ ඇමරිකා කඳවුරකටත් ඉරාන ප්‍රහාර : සටන් විරාමයකට ට්‍රම්ප් ආයාචනා කළා!

ඉරාකයේ අගනුවර බැග්ඩෑඩයට කිලෝමීටර් 100ක් පමණ උතුරෙන් පිහිටුවා ඇති ඇමරිකන් බලාඩ් ගුවන් කඳවුරට ඉරාන මිසයිල් ප්‍රහාර එල්ල වී ඇතැයි වාර්තා වේ.

ඉරාක යුද්ධයේදී එක්සත් ජනපදය  විසින් භාවිතා කළ බලාඩ් කඳවුර එහි ඇති විශාලතම කඳවුරුවලින් එකකි. කෙසේ වෙතත්, එයින් විශාල පිපිරුම් දෙකක් ඇසුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කළේ ය. බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල පිහිටි හිටපු ඇමරිකානු වික්ටරි බේස් කොම්ප්ලෙක්ස් ඉලක්ක කර ගනිමින් සැක කටයුතු ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ද ඉරාන ටස්නිම් පුවත් ඒජන්සිය පවසයි.

ඉරානය සටන් විරාමයක් සඳහා සූදානම් බව ඒ අතර ඉරාන රාජ්‍ය රූපවාහිනය නිවේදනය කළේ ය.

කටාරයේ පිහිටි ඇමරිකානු කඳවුරකට එල්ල වූ සාර්ථක ප්‍රහාරයෙන් පසුව මේ සඳහා තීරණය කරන ලද එම නිවේදනය සඳහන් විය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සටන් විරාමයක් සඳහා ආයාචනා කළ බවත් අදාළ නිවේදනයෙන් කියා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top