ඉරානයේ අගනුවර වන ටෙහෙරානය ඇතුළු රට පුරා නැවත රාජ්‍ය විරෝධී විරෝධතා මතුව තිබේ. ඒ රට පුර විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා හමුවේය.
ටෙහෙරාන් විශ්ව විද්‍යාලය, ෂරීෆ් තාක්ෂණ විශ්ව විද්‍යාලය, අමීර්කබීර් විශ්ව විද්‍යාලය සහ ෂාහිඩ් බෙහෙෂ්ටි විශ්ව විද්‍යාලය ඇතුළුව අගනුවර ඉහළම උසස් අධ්‍යාපන ආයතනවල ඊයේ දිනයේදී විරෝධතාවලට විශාල සංඛ්‍යාවක් සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
පසුගිය මාසයේ බලධාරීන් විසින් සිදු කරන ලද මාරාන්තික මර්දනයෙන් පසු මෙම විරෝධතාවයන් ආරම්භ කර ඇති අතර මෙහිදී ශිෂ්‍යයන් ‘නිදහස’ හා “ඒකාධිපතියාට මරණය” හා අනෙකුත් රාජ්‍ය විරෝධී සටන් පාඨ ඉදිරිපත් කර තිබේ. පැවති විරෝධතා හමුවේද දහස් ගණනක් මිය ගිය අතර ඉරානයේ රාජ්‍ය පාලනය දැඩි සෙලවීමකට ලක්ව තිබේ.
මහජන විරෝධතා උත්සන්න වීම මෙන්ම ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ බලපෑම් ස පාලනය කරගැනීමට ඉරාන රජයට සිදුව ඇත.
මේවන විට ඉරානයේ ජනගහනයෙන් අඩකට වඩා දිනකට ඩොලර් 3 ක ආදායමක් උපයන අන්ත දරිද්‍රතා රේඛාවට ආසන්නව හෝ ඊට පහළින් ජීවත් වන අතර ඩොලරයට සාපේක්ෂව මිල ඉරාන රියාල් 1,639,000 ක පරතරයක් ඇති අතර රට අධි උද්ධමනය සහ සාගතයයක් මුව විටට පැමිණ තිබේ.





