/ Mar 20, 2026

හෝමූස් ගැන ඉරානය තවත් තීරණයක් ගැනීමට සැරසෙයි!

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන්කිරීමේ දී ගාස්තු අය කිරීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

අදාළ යෝජනාව සම්මතවීමෙන් අනතුරුව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන්ගන්නා නෞකා ඒ වෙනුවෙන් ඉරානයට ගාස්තු සහ අදාළ බදු ගෙවිය යුතු වන අතර ඉරානයේ ජාතික ආරක්ෂාව සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහතික කිරීම සඳහා එම තීරණය ගැනීමට නියමිත බව සඳහන්.

සිය සතුරන් ඔවුන්ට ලබාදී තිබූ වරප්‍රසාද අහිමි කරගෙන ඇති බවත්, ඔවුන්ට දැන් මෙම යථාර්ථයට මුහුණදීමට සිදුවන බවත් ඉරාන පාර්ලිමේන්තු නියෝජිත සොමායේ රෆීයි පවසා තිබේ.

“දෙවියන් කැමති නම්, මෙම සටන ඉරානයේ තීරණාත්මක හා නිශ්චිත ජයග්‍රහණයකින් අවසන් වනු ඇත. ඉන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අපේ සතුරන්ට දිගින් දිගටම අභියෝග එල්ල කරනවා” ඇය තවදුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top