හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී ඇතැයි විදෙස් පුවත් ඒජන්සි වාර්තා කරයි.
ඉරානයට උතුරින් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට – ඕමානයට දකුණෙන් පිහිටා ඇති මෙම සමුද්‍ර සන්ධිය ලෝක තෙල් ප්‍රවාහනයේ ඉතාමත් වැදගත් මාර්ගයක් ලෙස සැලකේ. සමස්ත බොර තෙල් වෙළඳාමෙන් 25%ක් පමණ මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදුවේ.
මැදපෙරදිග තෙල් නිපදවන රටවල් වන ඉරානය, ඉරාකය, කුවේට්, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් සහ සවුදි අරාබියට අයත් නැව් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසෙන්නේ මෙම කලාපය හරහායි.
එම නිසා මෙම සමුද්‍ර සන්ධිය අවහිර වුවහොත් ගෝලීය තෙල් සැපයුමට විශාල බලපෑමක් ඇති විය හැකි අතර, තෙල් මිල ඉහළ යෑමට ද කරුණක් වනු ඇති.