/ Feb 13, 2026

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි – දොරටු 14ම විවෘතයි

උතුරු පළාතේ විශාලතම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමන බව කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ජලාශයේ වාන් දොරටු 14ම විවෘත කර ඇති අතර වාන් දොරටු හයක් අඩිය බැඟින් විවෘත කොට තිබේ.අනෙකුත් වාන් දොරටු අට අඟල් හය බැඟින් විවෘත කොට ඇති බව සඳහන්.

පැවති වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය වැවේ ජල ධාරිතාව අඩි 37 යි අඟල් 09 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඉරණමඩු ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ වෙත තවදුරටත් වැසි ඇඳ වැටෙමින් පවතින බැවින් ජලාශයේ ජල ධාරිතාව ඉහළ යමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වයි.

කිලිනොච්චිය ජලාශයේ වාන් මට්ටම අඩි 36 කි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top