හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සුවෙන් සිටින බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
පසුගිය දිනවල හිටපු ජනාධිපතිවරයා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළ වී තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, “සමාජ මාධ්‍යයේ එහෙම කිව්වට මම ගෙදර යද්දි හොඳට හිටියා.” යනුවෙනි.
ප්‍රකාශයක් ලබාදීම සම්බන්ධයෙන් අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.