/ Nov 13, 2025

ඇමරිකා – චීන වෙළෙඳ මත ගැටුම අවසන්?

ඇමරිකාව සහ චීනය අතර වෙළඳ ගිවිසුම් රාමුවකට එකඟතාව පළ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙරටේ ජනාධිපතිවරු අතර සිදුවීමට නියමිත හමුවට සමගාමීව එම හමුව වඩා ප්‍රතිඵල දායක කරගැනීම වෙනුවෙන් එම එකඟතාවට පැමිණ ඇති බව සඳහන්.

ඒ අනුව ජනාධිපතිවරුන් දෙදෙනා සාකච්ජාවට ගැනීමට නියමිත වෙළෙඳ රාමු සඳහා දෙරටේම බලධාරීන් එකඟතාව පළකර ඇති අතර එම එකඟතාව ලෝක ආර්ථිකයේ තව කඩයිමක් පසුකරනු ඇති බවටයි මත පළ වී තිබෙන්නේ.

ඇමරිකාවේ තීරු බදු ප්‍රතිපත්තිය හමුවේද සිය ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යමින් ලොව බලවත් ආර්ථිකයක් ලෙස නැගී සිටින චීනය අතහැර දමා ඇමරිකාවටද සිය ආර්ථික ගමන් ගඟ ගැන සිතිය නොහැකි බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.

නායකයින් දෙදෙනාගේ හමුව ලබන 30 වැනිදා දකුණු කොරියාවේ දී සිදුවීමට නියමිත අතර වෙළෙඳාම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ පවතින මත ගැටුම සමනය කරගැනීමටද මෙය අවස්ථාවක් වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top